September 8, 2013

සංස්කෘතික කම්පනයෙන් කම්පනයවුනෙමි....

ඔන්න ඉතින් ආරංචියක් ආවා මම ආසම කරන ගායකයෙක් වෙන කසුන් කල්හාර  මහත්මයාගේ සංගීත දර්ශනයක් තියනව කියල... අනික තියෙන්නෙත් නෙළුම් පොකුණ රඟහලේ කියල දැනගන්න ලැබුණම අදහස බොඳ උනාද මන්ද.. ඕවයේ යන්න ticket කොහෙන් ගන්නද.. ?? :/

මෙන්න තියනව රු.1000 ඉඳන් රු.5000 වෙනකන්... ඔන්න ඉතින් දත කට මැදගෙන ලේස්ති උන යන්න තිබ්බ සල්ලි ඔක්කොම හූරල ticket එක අරන්... ඔන්න ඉතින් ගියා කියමුකෝ... මළා.. මෙතන ඉන්න සෙනගක්... එක පලවෙනි shock එක...

වටපිට බැලුවම ඉස්ටෙජ් එක එළියේ... ඈ.. :o අමාරුවෙන් ගත්තු ticket එක බැලුව ආයේ... ඇන්ගිරීසියෙන් තියන එක යේ අමාරුවෙන් කියවගත්තා... Nelum Pokuna Front !! එතකොට අපි එළියේද??




කොහොමින් හරි ticket එක පෙන්නලාඇතුලට යනකොට ලස්සන නෝනා කෙනෙක් ඉඳන් ගැහුවේ නැතෑ එයාල අඳුන්නල දෙන Pro කියල සැන්ට් එකකින් ටිකක්... පුසුබේ බෑ...

මෙන්න මේක තමා ඉතින් වැඩ පටන් ගත්තම තිබ්බේ... ලස්සනේ බෑ... එහෙන් මෙහෙන් ලයිට් ගොඩයි... ගියාම වාඩි වෙන්න තැන් නැහැ... අහ නෑ... නෑ... පැත්තක පුටු තිබ්බ... අරන් වාඩි වෙන්න ඕනෙ.. :D


මොනවා උනත් Naadro, ඉන්ද්‍රචාප වගේම බිලී ත් හොඳට ලස්සනට වැඩේ කළා... හැබැයි කසුන් මහත්තයට වඩා එකේ තිබ්බේ Naadro අයගේ ඒවාද මන්ද...ඒවත් ලස්සනයි ඉතිං බොරු කියන්න ඕනෙ නැහැනේ.. ඉන්ද්‍රචාප මහත්තය රොක් සංගීත ශෛලියෙන් කිවුවේ සින්දු ටික අර කියපු කම්පනය අති කරන්නද මන්ද කසුන් මහත්තයාගේ ශෛලියට වෙනස් විදියට කරලා... shock තමා ඉතිං...!!



කසුන් මහත්තය වෙනද වගේම ලොකු පොර ටෝක් නෑ වගේම මෙන්න සින්දුවක් ඉවර වෙලා කියනවා " සුබ රාත්‍රියක් ... "
කට්ටියට ෂුවර් නෑ මොකෝ මේ කියල... කසුන් මහත්තයටත් තේරිලද මන්ද " ඉවරයි.. " කිවුව.. පුල් හොල්මන් කට්ටියට...
ඉස්සරහ අය කෑ ගැහුවා තව ඕනෙ කියල... එතකොට සංගීතය මෙහෙයවපු එක්කෙනා එක්ක කතා කරලා අපි හැමෝම ආස " අනන්තයට යන පාර දිගේ... ඇය එනවා.... " ගීතය කිවුව...

පැත්තකින් අර sun fm එකේ sunfest එකේ සද්දත් ඇහුනද මන්ද... ඒ කිවුවෙ මල්වෙඩි සද්ද වගයක්!! :D

හොඳා ඉතින්.. එත් අර කසුන් මහත්තයගේ සින්දු අහල අපි ලබපු ඒ නිස්කලංක වින්දනය නොලැබුණා වගේ කියලත් හිතෙනවා...

No comments:

Post a Comment