September 8, 2013

යහළුවෝ.... නැතිනම් මිත්‍රයෝ....





කෙනෙකුගේ ජීවිතයට නැතුවම බැරි කෙනෙක් තමයි යාලුවෙක් කියන්නේ... මොන ගතිගුණ මොන සමාජ පසුබිමක් තිබුනත් මේ අපි හමොටා යාලුවෝ කියල විශේෂ කොටසක් ඉන්නවා මේ අපේ ජීවිත කාලය තුල අපි ආශ්‍රය කරන....

මේ අය කොඉ කවුරු උනත් කලින් කිවුව වගේ අපේ වටේ රැඳෙන්නේ අපේ තියන මොනවා හෝ ගති ගුණයක් නිසා නේ... මේ ගති ගුණය මොන වගේද කියන දේ ගැන ගැටළුවක් වෙන්නේ නෑ.. මොකද ඒ ඒ ගති ගුණ වලට කැමති වෙලා ඒ ඒ අය ලනග රැඳෙන්නේ එම ගතිගුණයමා තියෙන.. නැත්නං එයට ආස කරන අය කියල කියන්න ඕනෙ නැහැනේ...


මේ කියන යාළුවො එක්ක ගැහැණු පිරිමි අය වෙන වෙනමත්...ඒ දෙගොල්ලමත් ඉන්නවා... මේ යාළුවො අතර හොඳම යාළුවා කියල කෙනෙක් නැතිනං කීප දෙනෙක් ඉන්නවා... මෙයාල අපේ ජීවිතේ ගැන අනික් යාළුවො කියන අයට වඩා අපිව තේරුම් ගත්තු අපි ගැන අනිත් අයට වඩා දන්නා... අපිට ගොඩක් සමීප අය...



මේ යාළුවො අතර ප්‍රධාන තැනක් මේ හොඳම යාලුවන්ට ලැබෙනවා... මේ යාලුවෝ එක්ක එක එක අවස්ථාවලදී කරන වැඩ මතක් වෙනකොටත් හිනා යනවා...සැම වයසේ ගෑනුළමයින්ගේ අවදානය ගන්න කරපුව... අනිත් කොල්ලො අතරේ පොරවල් වෙන්න කරපුව... ඒ අතරේ ඒ ඒකම දේකටවත් නැතුව යාලුවෝ කට්ටිය විනෝද උන අවස්ථාත් අපමණයි නෙ...

සමහර අයට මේවා කියනකොට දුක ඇති... පුදුම ඇති... අපිටත් යාළුවො හිටිය... එත් මෙහෙම??
ඒ මම කලින් කිවුව වගේ ජීවිතේ මුණගැහෙන විවිධාකාර පුදගලයන් අතරේ විවිධ හැසිරීම් තියන අය ඉන්නවා... නිශ්ශබ්ද... කෑකෝ ගහන.. විවිධ අය...
මේ ඔක්කොම අතරේ දියුණු වෙන්නේ නැතුව වල බහින අයත් ඉන්න බව මතක් කරන්න ඕනෙ...

යාළුවො කියන අය නැති ජීවිතයක් මටනං හිතා ගන්න බැරි තරම්... යහළුවෝ එක්ක පිස්සු නටපු... බොක්කෙන්ම ඕනෙම දේකට දුක සැප බෙදාගන ඉන්න යාළුවො හිටපු යාලුවෝ ඉන්න අය දානවා ඇති ඒ ගැන...

මේ කවුරු කොහොම උනත් අපේ ජීවිත වලට එන මේ යහළුවෝ නැතිනං මිත්‍රයෝ කියන අය කීයෙන් කීදෙනෙක් අපිත් එක්ක මුළු ජීවිත කාලෙම අපි එක්ක ඉඳීද?? පොඩ්ඩක් හිතල බලන්න...තමන්ගේ පෙර පාසලේ... පාසලේ... එහෙමත් නැතිනං අතිරේක පන්තිය්දී එක බැංකුවේ පුටුවේ වාඩි වෙලා එක රොටි කෑල්ල බෙදාගෙන කාපු හැමෝම අදත් ඉන්නවද කියල...

සමහරු ඉන්නවා... සමහරු නැහැ...!!
විවිධ හේතු නිසා ඒ අය අපේ ජීවිත වලින් වෙන් වෙලා යනවා...


මේ වෙන් වෙන්න හේතු ගොඩක් තියනවා...රස්සාවල් වලට රටේ හැමතැනටම.. ලෝකේ හැම තැනටම බෙදිලා ගියහම මේ යාළුකම් අමතක වෙන අය ඉන්නවා... 
තවත් අය මේ පොඩි පොඩි හේතු නිසා එක බත් පතේ කාල එක පැදුරේ බුදියගත්තු අය පාවල දෙන, අමතක කරන අයත් ඉන්නවා.... 
යහළුකම් පවතිනකොට වෙන පොඩි පොඩි විහිලු තහළු වලට හිත අමනාප කරගෙන යාළුවො දෙගොල්ලම ජීවිතේම යාලු මිත්‍රකම් මතක් කර කර ඉන්න වෙන ඒවා අපි ඕනෙ තරම් අහල ඇති...
මේ යාළුවො අතර ඉන්න විහිලු දන්නේ නැති... විහිලු තේරුම් ගන්න බැරි අය නිසා මිත්‍රකම් පළුදු වෙන මිත්‍රකම් වලින් හිත් රිදවෙන වෙලාවල් තියනවා...



මේ ඔක්කොම එක්ක බලනකොට යාලුවෝ කියන්නේ ජීවිතේ අපි ගෙවනකොට අපිට මුණගැහෙන වචනවලින් කියන්න බැරි තරම් පුදුමාකාර පිරිසක්... මේ පිරිස වැඩි වෙන තරමට ජීවිතේ සුන්දර වෙනවා.. ඒක අහන්න කියන්න දෙයක් නෙමේ... යාළුවො නැති අය ඉන්න බැහැ... ඒ යාළුවො එක්ක ඉන්න දන්නේ නැති නිසා වෙන්න ඕනෙ නැති වෙන්නේ... මොකද යාළුවා කියන්නේ එහෙම ලේසියෙන් තමන්ගේ යාළුවව අමතක කරන කෙනකේ නෙමෙයි එයා අපෙන් වෙන මොනවත් බලාපොරොත්තු වෙනවනං හැරෙන්න...

මේ හැමෝටම කියන්නෙ...තමන්ගේ ජීවිතේඉන්න හොඳ යාළුවො තරම් වටිනා අය නෑ.. තමන්ගේ දෙමවුපියන් හැරුනහම....
ඒ නිසා ඉන්න අය රැක ගන්න... අලුත් යාළුවො ඇති කරගන්න...හැබැයි හොඳද නරකද කියල තේරුම අරගෙන....

මේක කියවල හිතට දැනුනු දේ කිවුවනම් ලොකු දෙයක්...පැසසුම් ගැරහුම් වගේම අදහස් උනත් වටිනවා මේ දඟයට!! 

හැමෝටම සුබ දවසක්!!!

No comments:

Post a Comment